සින්ක් වර්ග

සෑම කාර්යබහුල හෝටල්වල මුළුතැන්ගෙයක තිබිය යුතුම  දෙයක් තමයි  සින්ක් එක කියන්නෙ.සින්ක් ගැන දැන ගන්න දෙයක් තියෙනවද කියල ඔබට හිතෙන්නට පුළුවන්, නමුත් මේ පොස්ට් එකේදී මම බලාපොරොත්තු වෙන්නේ ඔබට ඉතා වැදගත් කරුණු පමණක් සදහන් කිරීමටයි.ඔබ සින්ක් එකක් තෝරා  ගැනීමේදී සින්ක් එකේ ඇති භාජන ගණන, සුදු යකඩ වල තත්වය,ඝනත්වය, ගැබුර, මිල මෙන් තාවත් කාරණා කිහිපයක්ම බලපානවා.මූලික වශෙන් පහත සදහන් කරුණු ගැන අවදානය යොමු ක‍රන්න

භාජන ගණන(Compartments)

සින්ක් එකක් තෝරා ගැනීමේදී බැලිය යුතු ප්‍රදාන කරුණක් තමයි, එහි ඇති භාජන ගණන, බොහෝ කාර්යබහුල හෝටල්වල මුළුතැන්ගෙවල් වල භාවිතා කරන්නේ භාජන 03 ක සින්ක් එකක්, එවිට පළමු භාජනයෙන් ඉදුල් ටික සෝදා ගැනීම, දෙවන භාජනයේ පුරවා ඇති ජලයෙන්  සෝදාගැනීම හා සැනිටයිසස් දමා ඇති තෙවන  භාජනයෙන් නැවත සෝදාගැනීම

 

අමුද්‍රව්‍යයේ තත්වය(Material)

භාජන ගන්න වගේම සින්ක් එක සාදා ඇති අමුද්‍රව්‍ය ගැනත් සොයා බැලීම වැදගත් වෙනවා.බොහෝ සින්ක් නිෂ්පාදනය කරන්නේ සුදු යකඩ අමුද්‍රව්‍යයෙන්,එයට හේතුව සුදු යකඩ සවිෂක්තියෙන් යුක්ත නිසා දිගුකල් පවතී.නමුත් සින්ක් වලට යොදා ගන්නා සුදු යකඩ වර්ග ජාති දෙකක් පවතී.430 යන සුදු යකඩ හා 304 යන සුදු යකඩ අමුද්‍රව්‍ය, මෙයින් බොහෝ ලංකාවේ සුදු යකඩ උපකරණ 430 අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇත, එය මිලෙන් අඩුයි නමුත් කෙටි කාලයකට පසු මල බැන්දීමේ අවදානමක් ඇත.නමුත් 304 අමුද්‍රව්‍ය මල බැඳීම අවම කරයි, මිලෙන් ටිකක් වැඩයි.මුහුදු බඩ ලවන තත්වයන් වැඩි පරිසරයක නම් ඔබට 304 සුදු යකඩ සින්ක් එකක් මිලදීගැනීම වඩා සුදුසුයි.

ඔබට දැන් ගැටළුවක් නැගෙනව ඇති කොහොමද 430 හා 304 සුදු යකඩ හදුනාගන්නේ.430 සුදු යකඩ වලට කාන්දම් කැබැල්ලක් කිට්ටු කලොත් එම කාන්දම ඇලෙනවා.304 සුදු යකඩ වලට කිට්ටු කලොත් එම කාන්දම් කැබැල්ල අල්ලෙන්නේ නැහැ.ඒ නිසා ඔබ සින්ක් එකක් මිලදී ගැනීමට යද්දී අමතක නොකර කාන්දම් කැබැල්ලක් රැගෙන යන්න.

ඝනකම(Thickness)

භාජනයේ ඝනකම මිලිමීටර් වලින් හෝ ගේජ් වලින් හදුනා ගත හැක.අපෙගේ පහසුවට ගේජ් වලින් පැහැදිලි කරගමු.මෙහි  ගේජ් අගය අඩුවෙන්න අඩුවෙන්න ඝනකම වැඩිවෙයි.සින්ක් සෑදීම සදහා යොදා ගන්න තුනීම ගේජ් එක තමා ගේජ් 18.මෙය මිල ඉතා අඩුයි.සින්ක් සදහා භාවිත කරන ඝනකම වැඩිම ගේජ් එක තමයි ගේජ් 14,මෙය ශක්තියෙන්,බරෙන් හා මිලෙන්ද වැඩියි.

 

සින්ක් වර්ග

හෑන්ඩ් සින්ක්

භාවිතය-  දෙඅත් සේදීම සදහා,සාමාන්‍යයෙන් ආහාර සූදානම් කර ගන්න ස්ථානය අසල,ආහාර සපයන ස්ථානයේ හෝ සෝදන ස්ථානය අසල දැක ගත හැක.

කම්පාර්ට්මන්ට් සින්ක්

කම්පාර්ට්මන්ට් සින්ක් මූලික වශයෙන් වර්ග 07 කි.

  1. Sink with left hand Drainer

 

2. Sink with Right Hand Drainer

 

 

3.Sink With Double Drainer

 

4.Pot Washing Sink

 

5.Drop In Compartment Sink

 

6. Undermount Compartment Sink

 

7.Apron Front Compartment Sink

 

සින්ක් එක නිතර පිරිසුදුවට තබාගැනීමෙන් හා අනවශ්‍ය බර සින්ක් කොම්පාට්මන්ට් එකට නොදැමීමෙන්  ඔබේ සින්ක් එක දිගුකලක් හොදින් පාව්චිචි කරගත හැක


නැවත හමුවෙන තුරු

දාවින්දාස්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
× How can we help you?