බ්ලෙන්ඩරයක් තෝරාගැනීමේදී ……

ඔබ අලුත් රෙස්ට්ටුවරන්ට් එකක් හෝ ඔබේම හෝටලයක් පටන්ගැනීමේදි .එහි මුළුතැන්ගෙයට අවශ්‍යම  දෙයක් තමයි  බ්ලෙන්ඩරය .බ්ලෙන්ඩරය ගැන ඔබ දත් නොදත් කරුණු  මෙහි ලියන්න සිතුවේ එහි ඇති වැදගත් කම නිසයි,බ්ලෙන්ඩරය ගැන  හරි හැටි නොදන්නා සමහර අය ඒකට ජූසර් කියල  කියනවා, ග්‍රයින්ඩර්  එක කියලත් කියනවා එකට හේතුව මේ සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ මෝටරයක් මගින් හා සිදුවෙන ක්‍රියාවලිය බොහෝ විට සමාන නිසා , නමුත් අද අපි මේක ගැන හරියටම දැනගමු.බ්ලෙන්ඩරයක්  මිලදී ගැනීමේදී බැලිය යුතු ප්‍රදානම දෙය තමයි  අපි බ්ලෙන්ඩරය යොදාගන්නේ කුමක් සදහාද කියන එක

ඔබ බ්ලෙන්ඩරයක් ගැනීමට කලින් පහත ප්‍රශ්න ටික ගැන අවදානය යොමු කරන්න

+බජට් එක කීයද

+බ්ලෙන්ඩරයට  කොපමණ  බලයක් තිබිය යුතුද

+ කොපමණ  ඉඩ ප්‍රමාණයක් තියනවද

+කීදෙනුකුට  එක වර බ්ලෙන්ඩ් කරනවද

නිතරම තමන් මිලදී  ගන්නා  බ්ලෙන්ඩරය අමතර  කොටස් විශේයෙන්ම බ්ලෙන්ඩර් තල, බ්ලෙන්ඩර් බුෂ්, බ්ලෙන්ඩර් කප්, ඔබ මිලදීගන්න අයතනයේ තිබේ දැයි බලන්න .බ්ලෙන්ඩරයේ  බඳ බොහෝ  විට ප්ලාස්ටික් ,වීදුරු, හෝ  සුදු යකඩින් සාදා ඇත. වීදුරු බඳ කැඩීමේ අවදානමක් තිබෙන නිසා, මා සම විටම ඔබට  අනුමත කරන්නේ ප්ලාස්ටික් හෝ සුදු යකඩ බඳක් සහිත  බ්ලෙන්ඩර්  කප්  එකක් සහිත  බ්ලෙන්ඩර් එකක්.

බ්ලෙන්ඩර් වර්ග මූලික වශයෙන් 04ක් ඇත

1 ඉමර්ශන් බ්ලෙන්ඩර්

 

මෙය හෑන්ඩ් හෙල්ඩ් හෝ ස්ටික් බ්ලෙන්ඩර  ලෙසද කියනවා.මේවා  සිහින් දිගු හා කුඩා බ්ලෙන්ඩර් වේ.මෙම බ්ලෙන්ඩරය සුප් වර්ග හා ස්මූතිස් වර්ග සෑදීමටද යොදාගනී.මෙවැනි බ්ලෙන්ඩරයක් මගින් ඔබට ඔබ උයන භාජනයේම දෙයක් ඉතා  අදික රස්නයේ තිබියදී උවද බ්ලෙන්ඩ් කර ගත හැක.

 

 

2 මාගරිටා බ්ලෙන්ඩර

 

මෙහි අයිස් තැන්පත්  කර ඇති වෙනම කොටසක් ඇත,මෙය ගොඩක් භාවිතා වන්නේ කොක්ටෙයිල් වර්ග සදා ගැනීමටයි.මෙය සව්‍යන්ක්‍රීයව අපට අවශ්‍ය කොක්ටෙයිල් ප්‍රමාණය ලබාදී බොත්තමක් මගින් ප්‍රෝග්‍රෑම් කල හැක

 

 

 

 

3 ස්මූති බ්ලෙන්ඩරය

මෙය බොහෝ විට පාවිච්චි කරන්නේ ස්මූතීස් හදාගන්න.ජූස් හදන කඩවල් වල බොහෝ විට යොදාගන්නේ මෙයයි.මෙහි අයිස් දමා හෝ නොදමා පාවිච්චි කර හැක.මෙය බොහෝ ගෘහණියන්ටද සුදුසුයි.අනෙකුත් බ්ලෙන්ඩර වලට සාපේක්ෂව මෙහි මිල අඩුය. භාවිතය පහසුය.

 

 

 

4 හෙවි ඩියුටි බ්ලෙන්ඩර්

මෙය ස්මූති මැෂින්  එකකට වඩා ඉදිරියෙන් සිටියි.මෙමගින් බ්ලෙන්ඩ් කිරීම පමණක් නොව චොප් කිරීම , ග්‍රයින්ඩ්  කිරීම,පුරී කිරීම ද කල හැක.මෙය මිල අදිකයි වගේම තත්ත්වයෙන්ද උසස්.භාවිතය  හා පිරිසිදු කිරීම ඉතා පහසුයි.

 

 

 

 

5 මැජික් බුලට් බ්ලෙන්ඩර්

ඔබේ නිවාසට අවශ්‍ය ජූස් වර්ග හැදීමේ පහසුම,මිල අඩුම ,පරිසිදු කිරීමට පහසුම දෙය තමි මැජික් බුලට් බ්ලෙන්ඩර් එක

 

 

ඔබට අවශ්‍ය බ්ලෙන්ඩරය හොදින් සිතා බලා තූරා ගන්න.

නැවත හමුවෙන තුරු

ලක්ෂාන් ලියනගේ

https://www.facebook.com/Daawindaas.lk

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
× How can we help you?