බත් පිසින උපකරණ

ලංකාවේ ප්‍රධාන ආහාර වේලකටම බත් මූලික වෙනවා.එම නිසා මේ බත් පිසීම අනිත් කෑම සාදනවාට වඩා ප්‍රමාණයක් දවසට ඕනෑම හෝටලයකට සහ අවන්හල්වලට සෑදීමට සිදුවේ

බත් පිසීම සඳහා විවිධ ක්‍රම භාවිතා කරයි.මේ ක්‍රම එකින් එක අපි විස්තර කර බලමු ඔබේ හෝටලයට හෝ අවන්හලට ගැලපෙන ක්‍රමය කුමක්ද කියා

1.ගෑස් ලිපක් මගින් බත් පිසීම

 

 

 

 

මෙය සාමාන්‍ය හා කුඩා පරිමානයේ හෝටල්වල භාවිත කරයි.ගෑස් වියදම සාමාන්‍ය ප්‍රමාණයකට වැය වේ.මෙහි බත වෙලාවට ඉදුනා දැයි බැලීමට තවත් පුද්ගලයෙකුට ගොස් බැලීමට සිදුවේ.එමගින් ශ්‍රමය හා කාලය වැය වේ.බත කර වීමට අඩිය ඇලීමට ඇති සම්භාවිතාවය ඉතා වැඩිය.මෙහිදී බොහෝ විට ඇලුමිනියම් සාස්පාන් භාවිතා කරන නිසා ඇලුමිනියම් වල ඇති රසායනිකයන් ශරීර ගත වීමටද ඉඩ කඩ ඇත.

 

2. ඉලෙක්ට්‍රික් රයිස් කුකර් එකක් භාවිතය

මෙය බොහෝ විට නිවෙස්වල හා කුඩා හෝටල් වල භාවිතා වේ. මෙහිදී 1 kg සිට 7 kg අතර ධාරිතාවයෙන් යුතු රයිස් කුකර් වැඩි පුර භාවිතා වේ.මෙහි සදහන් ධාරිතාවයට අඩුවෙන් හා වැඩියෙන් බත් පිසීමට හැකි රයිස් කුකර්ද ඇත.මෙහිදී අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කර ස්විචය දැමු පසු බත පිසුනාට පසු ස්වයංක්‍රීයව රයිස් කුකර් එක ක්‍රියා විරහිත වේ.

 

 

3. ගෑස් රයිස් කුකර්

සාමාන්‍ය ගෑස් ලිපක බතක් පිසිනවාට වඩා ගෑස් රයිස් කුකර් එකක බත් පිසීමේදී ගෑස් වියදම 50% කින් ඉතිරි කර ගත හැක.සාමාන්‍ය ගෑස් ලිපක මෙන් මෙහිදී බත ඇට්ට කුණා වීමක් හෝ අඩිය ඇල්ලීමක් හෝ රොස් වීමක් සිදු නොවේ.බතට අවශ්‍ය වතුර ප්‍රමාණය ක්‍රියාවට නන්වා විනාඩි 20 කින් පසුව බත පීසී අවසන් වේ.එම   විනාඩි 20 තුළ කවුරුන් හෝ ළඟ සිටීමට අවශ්‍ය නැති නිසා ස්වයංක්‍රීයව බත ඉදි රයිස් කුකර් එක ක්‍රියා විරහිත කරගනී .මේ හේතූන් නිසා බොහෝ කේටරින් සහ රෙස්ටුවරන්ට් හිමිකරුවන්  ගෑස් රයිස් කුකර් භාවිතා කිරීමට ප්‍රිය කරයි.

 

 

4. රයිස් ස්ටීමර්

රයිස් ස්ටීමර් බොහෝ විට භාවිතා කරනුයේ මහා පරිමාණයේ හෝටල් හා රෙස්ටුවරන්ට් හිමිකරුවන්ය මෙහිදී සාමාන්‍ය ගෑස් ලිපක හෝ රයිස් කුකර් එකක බත් ප්‍රමාණයට වඩා වැඩි හාල් ප්‍රමාණයක් දමා ගත හැක. බොහෝ රයිස් ස්ටීමර් 20kg, 40 kg, 60 kg   හා 80 kg වශයෙන් ඇත.බොහෝ රයිස් ස්ටීමර් වලින් බත පිසීමට ගතවන්නේ විනාඩි 40 ක පමණ කාලයකි. ඔබ  රයිස් ස්ටීමර් ගැනීමට බලාපොරත්තු වේ නම්  ස්ටීමර් ට්‍රේ  වල තත්ත්වය හා ඝනකම පිළිබඳ සැලකිලිමත්ව මිලදී ගන්න. ස්ටීමර් ගෑස් හා ඉලෙක්ටික් වශයෙන් වර්ග දෙකකි . නමුත් බොහෝ හෝටල් හිමිකරුවන් මිලදී ගැනීමට ප්‍රිය කරන්නේ ගෑස් බර්නර් එක සහිත රයිස් ස්ටීමර් වේ. මෙයට හේතුව එහි නඩත්තු කිරීම පහසුව හා ඉලෙක්ට්‍රික් වලට සාපේෂව වියදම අඩු නිසාය . මෙම රයිස් ස්ටීමර් මිල අධික වුවත් ඔබට භාවිතා කිරීමේදී එහි බොහෝ වාසි අත්පත් කරගත හැක.

 

 

දාවින්දාස්

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
× How can we help you?