නොන්ස්ටික් පෑන් තෝරාගන්නේ කෙසේද

සෑම මුළුතැන්ගෙයකම අනිවාර්යයෙන් තිබිය යුතු භාණ්ඩයක් තමයි නොන්ස්ටික් පෑන් එක.නමුත් නොස්ටික් භාජන අද විවිද මාදිලිවලින් හා විවිද තත්වයන්ගෙන් නිෂ්පාදනය වේ.මේ අතරින් ඔබට ගැලපෙන භාජනය සොයාගන්නේ කෙසේද යන්න වග අද සොයා බලමු.නොන්ස්ටික් භාජන මුලික වශයෙන් වර්ග 03 කින් පැමිණේ

1 ෆ්‍රයි පෑන්

2 තාවා

3 කඩායි

නොන්ස්ටික් භාජන ලබාගැනීමේදී ඊලගට සැලකිලිමත් විය යුතු විශේෂ දෙය තමි නොන්ස්ටික් කෝටින් එක.මූලික වශයෙන් නොන්ස්ටික් කෝටින් 03 ආකාරයකින් ඇත.

1 Fluoropolymer coating (PTFE )

මෙය විස නොවන ප්ලාස්ටික් පොලිමර් වර්ගයේ කෝටින් එකක්.මෙමගින් නොන්ස්ටික් ගුණය ඉතා දිගු කාලයක් රදා පවතී.එහි ඇති නවීන තාක්ෂණය නිසා භාජනය ගෙවීම අවම කරයි.මල නොකයි.අදික රස්නය රදා පවතී.

2 Silicone Coating

 

මේ වර්ගයේ නොන්ස්ටික් භාජන මිලෙන් ඉතා අඩුයි.එයට හේතුව මෙහි නොන්ස්ටික් ගුණය ඉතා අඩු කාලයක් පැවතීම හා ගෙවීම ඉතා ඉක්මනින් සිදුවන නිසාත්ය.

3 Sol-Gel “Ceramic Coating “

 

මෙය හ්ය්බ්රිඩ් වර්ගයේ ද්‍රවයකි.මෙය ඉතාමත් ශක්තිමත් හා සුමට ලෙස පවතී.මෙය සෙරමික්වලට බොහෝ සෙයින් සමාන කමක් පවතින නිසා මෙය සෙරමික් කෝටින් ලෙසද හදුන්වයි.ඉතා අදික උෂ්ණත්වයකට ඔරොත්තු දේ.දිගුකල් පවතී.

අද වන විට නොන්ස්ටික් භාජන වලට වගේම වානේ වලින් නිපදවන භාජනද පාවිච්චියට පෙලබී ඇත.නමුත් ඒවා මලකඩ බැදීමේ අවදානමක් ඇත.එවැනි භාජන සේදීමෙන් පසු පිස දැමිය යුතුයි.සියලුම නොන්ස්ටික් භාජන කෑම පිස නිමවූ විගස වතුර දමා සේදීම නොකළ යුතුයි එවිට භාජනය ඇද විය හැකි
ඔබ නොන්ස්ටික් බාජනයක් මිලට ගැනීමේදී ඉහත කරුණු යොදා ගැනීමෙන් ඉහල තත්වයෙන් යුතු භාණ්ඩයක් තෝරා ගන්න

ලක්ෂාන්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
× How can we help you?